2021 උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගි වීමට නොහැකිවූ අපේක්ෂකයින්ට අද(20) දිනයෙත් එම පරීක්ෂණ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ , ඉන්ධන අර්බුදය සහ ඇතිවු ගැටලුකාරි තත්ත්වයන් හේතුවෙන්, ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් මෙම පරීක්ෂණ පැවැත්වෙන බවයි.
අදාළ පරීක්ෂණ අවසන් කර, මස අවසානයට පෙර උසස් පෙළ විභාග ප්රථීපල නිකුත් කරන බව ඔහු පැවසුවේ ය.
මේ අතර, අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවල තුන්වන අදියර අද සිට ආරම්භ කරන බව, විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා ප්‍රකාශ කළේ ය.
මේ අතර , 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීමේ දිනය ලබන 26 දක්වා දීර්ඝ කර තිබේ.