මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යළි බලපත්ර නිකුත්කර තිබේ.
මෙන්ඩිස් සමාගමට මීට පෙර නිකුත්කර තිබූ බලපත්ර තුන අතරින් දෙකක් මෙලෙස නැවත නිකුත්කර ඇතැයි, සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි සඳහන් කළේය.
ඉතිරි බලපත්රයද ඉදිරියේදී නිකුත් කිරීමට හැකියාවක් පවතින්නේද යන්න දෙපාර්තමේන්තුව විසින් සලකා බලන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.
මෙන්ඩිස් සහ සමාගම විසින් රජයට ගෙවිය යුතු රුපියල් බිලියන 1.5 කට අධික බදු ප්රමාණය මෙතෙක් ගෙවා නොමැති අතර, එම බදු ඉදිරියේදී ගෙවීමේ පදනම මත දෙපාර්තමේන්තුව විසින් මෙලෙස බලපත්ර නිකුත් කර ඇත. රාජ්ය බැංකුවකින් ලබාගත් රුපියල් බිලියන 04ක ණය මුදලක් පැහැර හැරීම සම්බන්ධයෙන්ද මෙන්ඩිස් සහ සමාගමට එරෙහිව නඩුවක් ක්රියාත්මක වේ.