ජාත්‍යන්තර දෙමළ සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලැබූ පියවර කෙරෙහි ප්‍රසාදය පළ කරන බව ගෝලීය ද්‍රවිඩ සංසදය සඳහන් කරයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා රජය විසින් මෙම තහනම ඉවත් කිරීමේ පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදයට දිර්ඝ කාලීන විසඳුම් සෙවීමේ අරමුණින් බවයි.
දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සමග එක්ව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීමට හැකිවනු ඇති බවත් විදේශ සංචිත ඉහළ නැංවීමට හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයාගේ අදහස වී ඇති බවද එම මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වෙයි.