Aboutceylon Online

මෙන්න රජයේ මැජික් ආර්ථික ප්‍රශ්න මදිවට දඬු ලේන් ප්‍රශ්නයකුත් ඇද ගනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රට පත්ව ඇති තත්ත්වයේ බරපතලබව සියලු දෙනාම අවබෝධ කරගත යුතුබව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ  සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ය.

ජනතාව විඳින පීඩා අවම කිරීමට නම් ස්ථාවර දේශපාලන තත්ත්වයක් අනිවාර්යෙන්ම අවශ්‍යයැ යි ඔහු පවසයි.

“මේ ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා තියෙන්නේ ක්‍රම දෙකයි,” මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කරයි.

මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි, මෙම ක්‍රියාමාර්ගයන් අසාර්ථක වුණහොත් “ජනතාවට ජීවත්වීමට බැරි තත්ත්වයක්” ශ්‍රී ලංකාවේ උදාවිය හැකි ය.

දඬු ලේනා ගේ විද්‍යාත්මක නාමය “Ratufa macroura” වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් “Giant Squirrel” ලෙස හඳුන්වයි.

දඬුලේන් විශේෂය ශ්‍රී ලංකාවේ මධ්‍යම හා ඌව ප්‍රදේශවල දැක ගත හැකිය. 25cm ක් පමණ දිගින් යුත් දඬු ලේනා ට දිගු වලිගයක්,
රවුම් වූ කෙටි කන් හා පළල් වූ අත් ඇත. දුඹුරු, රතු, අළු හා කළු වර්ණවල් ශරීරයේ දැක ගත හැක.

මෙම සත්ත්වයා වඩාත් ක්‍රියාකාරී වන්නේ උදය කාලයේ හා සන්ධ්‍යාවේ මුල් භාගයේදී ය. එක් ගසක සිට 6mක් දුරින් පිහිටි ගසකට පවා පැනීමට හැකි ය.

දඬු ලේනා වඳවීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටින සත්වයෙකි.

ක්ෂීරපායී ගණයේ සත්වයකු වන දඬුලේනුන් පොල් ආහාරයට වඩා ප්‍රිය කරති. මේ නිසා පොල් වතු හිමියන්ගේ දඩයමට පවා ලක් වේ.

තවද ගෙවතු ආශ්‍රිතව ඇති වගාවන්ට මොවුන්ගේ හානිය දැඩිව පැමිණේ. එවිටද මොවුන් විනාශ කර දැමීමට ඇතැම්හු පෙලඹෙති.

දඬු ලේනා ජාතික සත්ත්වයා ලෙස නම් කිරීමෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන නොයෑමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා.

ඒ එම සත්ත්වයා ජාතික සත්ත්වයා ලෙස නම් කිරීමෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති විරෝධතාව සැළකිල්ලට ගනිමින්.

දඬු ලේනා වගා හානි කරන සත්ත්වයෙක් වීම හේතුවෙන් එම සත්ත්වයා ජාතික සත්ත්වයා ලෙස නම් කිරිමෙන් ඉවත් කිරිම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ සාකච්ඡාවක් පසුගියදා ඇති විය.

‘ප්‍රශ්න ඇති කර ගන්න ඕන නෑ නේ’ යැයි අමාත්‍යවරයා එහි දී සඳහන් කොට ඇත.ප්‍රශ්න ඇති කර ගන්නෙ නැති එක හොඳයි ඇමති තුමා හැබැයි ඉතින් ඔහේ තියන ප්‍රශ්නත් විසඳන්නත් ඕනෙමයි;හරි ය?

Scroll to Top