එක් එක් දේශපාලන පක්ෂවලට අවශ්‍ය විදිහට රටේ ප්‍රතිපත්ති මාරු කිරීමට ඉඩ ලබානොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශව වසර 25 කට වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාවට නැංවීමට එක්විය යුතු බව ද එජාප සභාපතිවරයා පැවසීය.
දේශපාලන පක්ෂ නායකයන් ළඟ රට ගොඩනැඟීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් තිබේ නම් ඒවා හංගාගෙන නොසිට වහා රටට ඉදිරිපත් කරන ලෙස ද වජිර අබේවර්ධන මහතා කීය.