හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.
හදිසි නීතිය මෙම සතියේ අග අවසන්වීමට නියමිතයි.
මේ වනවිට රට ස්ථාවර මට්ටමක තිබෙන බව කී ජනාධිපතිවරයා ඒ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද පැවසීය.
ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රටේ තත්ත්වය නැවත යහපත් අතට හැරීම හේතුවෙන් හදිසි නීතිය දීර්ඝ නොකරන බවයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවැති “විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය – 2022” සම්මාන උළෙල අමතමිනි.