අපේ සුර්යග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ හිරුය. හිරු නොවූයේ නම් මිහිපිට ජීවයක් නොමැත. ඉතින් අප අද ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ මේ සූර්යයා ගැනයි.
පෘථිවියේ සිදුවන පාරිසරික අන්තර්ක්‍රියා සදහා සූර්යයා ගෙන් ලැබෙන ශක්තිය ඉවහල් වේ. උදාහරණ ලෙස ශාඛ ප්‍රභාසංස්ලේෂණය, වර්ශනය, ජල චක්‍රය ක්‍රියාත්මක වීම වැනි සංසිද්ධි හැඳින්විය හැකිය
සූර්යයා G2V යන වර්ණාවලි පන්තියට (Spectral Class) අයත් තාරකාවකි. මෙය අදින් වසර බිලියන 4.5 කට පෙර සූර්යය නිහාරිකාව ලෙස හැදින්වූ අණුක වලාවකින් බිහිව ඇත. වර්තමානයේ සූර්යයා තම තරුණ අවදිය පසු කරමින් සිටියි.
සූර්යයා තුල අඩංගු වන්නේ මොනවාද?
මූලික වශයෙන් මෙහි හයිඩ්රජන් හා හීලියම් අඩංගු වේ.
H – 75 %
He – 25 %
මෙයට අමතරව ලෝහමය මූලද්‍රව්‍ය අල්ප ප්‍රමාණයක් අඩංගු වේ.
සූර්යයා තුල ශක්තිය නිපදවන්නේ කෙසේද?
සූර්යයා ගේ අභ්‍යන්තර හරයේ ඇති හයිඩ්රජන් (H) න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා හේතුවෙන් හීලියම් (He) බවට පත්වේ. ( න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා යනු පරමාණුක න්‍යෂ්ටි එකිනෙක එකතු වීමයි. මෙහිදී පරමාණු වෙනත් පරමාණු බවට පත්වේ.) මෙහිදී විශාල ශක්තියක් විමෝචනය වේ. මෙම ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය අදියර කිහිපයක් ඔස්සේ නිපදවේ. මේ සදහා ප්‍රෝටෝන – ප්‍රෝටෝන දාමය (p-p chain) නැමති ක්‍රියාවලිය හොඳම උදාහරණයකි. න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා සිදුවන්නේ මේ ක්‍රියාවලිය හරහාය.
පෘථිවිය අයත්වන ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය වන සූර්යයා තව කොපමණ කලක් ජීවත් වේවි ද යන්න සම්බන්ධයෙන් අනාවැකිය පළ කරන්නේ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය විසින් අභ්‍යවකාශයට යවන ලද ගයියා (Gaia) නමැති අභ්‍යවකාශ නිරීක්ෂණ යානය මෑතක එවූ තොරතුරු රැසක් මත පදනම් වෙමිනි.
මේ වනවිට සූර්යයාගේ වයස අවුරුදු බිලියන 4.57ක් පමණ වේ. පසුගිය දිනවල එහි ක්‍රියාකාරිත්වය ඉතා ඉහළ මට්ටමකට ළඟා වී තිබූ බවද වාර්තා විය. සූර්ය ගිනි දලු ආදිය විශාල වශයෙන් නිකුත් කළ බව සඳහන් වේ.
අභ්‍යවකාශ නිරීක්ෂණ යානය එවූ දත්ත විශ්ලේෂණය කරන විද්‍යාඥයන් පවසන්නේ සූර්යයාගේ වයස අවුරුදු බිලියන 8ක් පමණ වෙද්දී එහි උෂ්ණත්වය උපරිම අගයකට ළඟාවනු ඇති බවකි.
එයින් පසු එය කෙමෙන් සිසිල් වීමට පටන් ගනු ඇත. ඒ කාලය තුළ සූර්යයා ප්‍රමාණයෙන් විශාල වනු ඇති අතර මෙම අවධියෙහි පසුවන තාරකා හැඳින්වෙන්නේ රතු යෝධයන් (Red Giants) යන නමිනි.
වයස අවුරුදු බිලියන 10ක් 11ක් පමණ වෙද්දී සූර්යයාගේ ජීවිතය අවසන් වනු ඇති බව විද්‍යාඥයන්ගේ විශ්වාසයය.