නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (16) සිට විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා දීර්ඝ වන බව විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය ඩී. සී. ආර්. අබේසේකර මහතා පැවසීය.
පැය තුනක විදුලි කප්පාදුවට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ද ලබාදුන් බව එම කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා ද පැවසීය.