Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කුරිරු කුසගින්නක අනතුරු ඇගවීමක් – සෞඛ්‍යටත් බාධා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද අප රට මුහුණ දී ඇති දේශපාලන, සමාජීය හා ආර්ථික අර්බුදයේ එක් ප්‍රතිඵලයක් හැටියට කුරිරු කුසගින්නක් 2022 වසරේ අවසාන මාස කිහිපයේදි මෙන්ම 2023 වසරේ පළමු මාස තුනක පමණ කාලයකදී ඇතිවීමට ඇති ප්‍රවණතාව ඉතාමත් අධිකය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ වර්ගීකරණය අනුව රටක සාගතයක් ඇතැයි සැලකීමට නම් සැම කුටුම්භ 5කින් එකක ජීවත්වන්නන් හා ජනගහනයෙන් සියයට 30 ක් පමණ අන්ත කුසගින්නෙන් මෙන්ම කියවීමේ රෝගයෙන් පෙළෙන්නන් විය යුතු අතර දිනකට සෑම 10,000කින් දෙදෙනකු මිය යා යුතුය.

අද රටේ ස්වභාවය අනුව ඉහත සඳහන් තත්වයේ පළමු අවස්ථා දෙක ඇතිවීමට ඇති ඉඩකඩ බොහෝ සේ ප්‍රමාණවත්ය. සාගතයක මූලික කරුණ වනුයේ ආහාර සුරක්ෂිතභාවය නැතිවීමයි.

මෙම කටුක තත්වයට මුහුණදීමට සිදුවනුයේ සමාජයේ එක්තරා කොටසකට පමණකි.

පහළම ආදායම් ලබන සියයට 20 කොටසින් ඊළගට ඉහළින් සිටින සියයට 20 ජන කොටසින් සියයට 50 ක් පමණද දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටෙන බව නොඅනුමානය.

ඒ අනුව ජනගහනයෙන් සියයට 30 ක් නැතහොත් 6,570,000ක් පමණ දරිද්‍රතාවෙන් පෙළෙයි. කුරිරු කුසගින්නකට මුහුණදීමට සිදුවනුයේ මෙම ජන කොටසටයි.

කුටුම්භයක අත්‍යවශ්‍ය සේවා වන විදුලි හා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය වන අතර ඖෂධ සඳහා වන වියදම්ද දැරිය යුතුය. ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වන වියදම්ද අනිවාර්යයෙන් දැරිය යුතුය. ඔවුන්ගේ ආහාර අවශ්‍යතාද හැකි පමණ ලබාදිය යුතු වන අතර මුදල අගහිගකම් පිරිමසා ගත හැකි එකම ක්‍රමය වන්නේ පවුලේ වැඩිහිටියන් නිරාහාරව සිටීමයි.

ලබන මහ කන්නය අසාර්ථක වුවහොත් ඉතාම දරුණු ව්‍යවසනකාරී තත්වයක් ඇතිවිය හැකි අතර රට අරාජික වීමටද එය ප්‍රබල සාධකයක් විය හැක.

මේ අතර ශ්‍රි ලංකාවේ ආර්ථික අර්බුදය සෞඛ්‍ය සේවයට එල්ල කර ඇති බලපෑම හා ඒ සම්බන්ධව කුමක් කළ යුතුද යන්න පිළිබඳව වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහළිය රඹුක්වැල්ල මහතා මත දෙකක් දරන බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මාස ගණනක සිට ජීවිතාරක්ෂක ඖෂධ සහ උපකරණවල හිගයක් තිබීම හේතුවෙන් රෝගීන්ට ප්‍රමාණවත් පරිදි කඩිනම් සේවාවක් සැපයීමට අපොහොසත් වී ඇතැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළත් සෞඛ්‍ය සේයට එවැනි දරුණු බලපෑමක් එල්ල වී නැතැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිකෙයි ඒෂියා වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කළ බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය සේවයට මෙන්ම බඩටද ඉදිරි මාස කිහිපයේදි තදින්ම දැනෙන බවට ජනපතිද ප්‍රකාශ කර ඇති අතර ඒ සදහා මුහුණදීමට දැන්ම සිටම සැලසුම් සකස් කොට එය ක්‍රියාත්මක කලහොත් මෙම තත්වයෙන් ගැලවීමට අපට හැකිවනු ඇත.

Scroll to Top