Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රෝහලක කොවිඩ්  වාට්ටු සංකිර්ණය එම රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් හෙදියන්ට දෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දික්ඔය මුලික රෝහලේ කොවිඩ් රෝගින් වෙනුවෙන් ඉදි කල අංග සම්පුර්ණ වාට්ටු සංකිර්ණය එම රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් හෙදියන් සිව්දෙනෙකුගේ නේවාසිකාගාරයක් බවට පත් කර ඇති බව එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් චෝදනා කර සිටියි.
හැටන් දික්ඔය මුලික රෝහලේ කොවිඩ් රෝගින් වෙනුවෙන් රෝහලේ අලුතින් ඉදි කල අංග සම්පුර්ණ කොවිඩ් වාට්ටු සංකිර්ණය එම රෝහලේ වත්මන් අධ්‍යක්ෂකවරයා විසින් එම රෝහලට අලුතින් පැමිණි හෙදියන් සිව්දෙනෙකුගේ නේවාසිකාගාරයක් බවට පත් කර ඇති බව එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් චෝදනා කර සිටියි.

හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව විසින් විශාල මුදලක් වැය කරමින් ඉකුත් කොවිඩ් සමයේ එම රෝහලට අංග සම්පුර්ණ කොවිඩ් වාට්ටු සංකිර්ණයක් ඉදි කර දි තිබුණි.

දික්ඔය මුලික රෝහලට යලිත් කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් ප්‍රතිකාර ලබාගැනිමට පැමිණෙන බවත්, එම රෝගින්ගෙන් නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතු රෝගින් වෙතොත් එම රොගින් ඒ සදහා ඉදි කර ඇති කොවිඩ් 19 වාට්ටු සංකිර්ණයට ඇතුලත් කර යුතු බවයි විශේෂඥ වෛද්‍යවරුන් කියා සිටින්නේ.

දික්ඔය මුලික රෝහලට ගැබිණි කාන්තාවක් කොවිඩ් 19 වෛරසය අසානය වි ප්‍රතිකාර ලබා ගැනිම සදහා පැමිණි බවත්, පවත්නා තත්ත්වය මත එම ගැබිණි මව අදාල වාට්ටු සංකිර්ණයට ඇතුලත් කල නොහැකි බවයි විශේෂඥ වෛද්‍යවරුන් කියා සිටින්නේ.

වත්මන් රෝහල් අධ්‍යක්ෂකවරයා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා නොකර ගන්නා මෙවැනි තිරණ නිසා රෝහල් පරිපාලනයට ගැටළු රැසක් මතු වි ඇති බවත්, මෙම ගැටළුව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශ අධ්‍යක්ෂකවරයා දැනුවත් කර ඇතත් එයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිම හමුවේ දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලිමට මේ වන විට තම සංගමය සමග සාකච්ඡා කරමින් සිටින බව එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පැවසිය.

කොවිඩ් 19 රෝගින් සදහා අලුතින් ඉදි කර ඇති අංග සම්පුර්ණ වාට්ටු සංකිර්ණය වෙනුවට නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතු කොවිඩි 19 රොගින් සදහා රෝහල් අධ්‍යක්ෂකවරයා එම රෝහලේම කිසිදු පහසුකමක් නොමැති වාට්ටුවක් වෙන් කර ඇති බවද විශේෂඥ වෛද්‍යවරුන් කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අප එම රෝහලේ අධ්‍යක්ෂක තරින්දු විරසිංහ මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තමන් සම්බන්ධයෙන් එම රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතු කොවිඩ් 19 රෝගින් වාර්තා වුවහොත් එම රෝගින් ඇතුලත් කිරිම සදහා එම රෝහලේ පහසුකම් සහිත වාට්ටුවක් සකස් කර ඇති බවත්, එම වාට්ටුවට කොවිඩ් 19 රෝගින් ඇතුලත් කිරිමට එම රෝහලේ සේවය කරන හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් එකගතාවය පල කර ඇති බවයි.

රංජිත්

Scroll to Top