මා මෙය මෙසේ නම්කලේ බලංගොඩ ප්‍රදේශයේ ජනකතාවක් ඒත් නැත්නම් මුඛ පරම්පරා ගත කතාවක් මුල්කරගනය.අප රටෙ විවිද ප්‍රදේශවල බොහෝ පැරැන්නන් යම් යම් අවස්තාවන්වල “අපි ඉරෙන් හදෙන් පැවතෙන උන්” යනුවෙන් පවසයි.එසේනම් ඔවුන් එසේ කීමට හේතුව කුමක්ද.විවිද ගම්මානවලට නම්පටබැදුනු ආකාරය අප අසා ඇත්තෙමු එසේනම් මේ ඉරෙන් හදෙන් උපන් කතාව කුමක්ද?
හිරු කුමරාත් සදු කුමරාත් යනු ලොවවල් දෙකක කුමර කුමරියන් වන අතර ඔවුන් දෙදෙනා විවේක ලද අවස්තාවන්වල ලංකා භූමියට ඒත් නැත්නම් අප හෙළ බිමට පැමිණීම පුරුද්දක් කරගන සිටියේය.එසේ පැමිනෙන්නේ අති රමණීය කදුවලින් සමන්විත බලංගොඩ ප්‍රදේශයටය.
හිරු කුමරු සහ සදකුමරිය මෙසේ පැමිණියද ඔවුනොවුන් කිසි දෙනක හමු නොවුනු බවත් එසේ වීමට හේතු උනේ දෙවියන් ඔවුන්ව මුණ නොගැසීමට කටයුතු කල නිසාවෙනුත් කියා ජනකතා තුල අසන්නට ලැබේ.කෙසේ නමුත් දෙවියන් එසේ කරන ලද්දෙ ඔවුන් දෙදෙනා හමු උනොත් කිසි දිනක නැවත ඔවුන්ට අදාල ලොව වෙත නොපැමිනෙනු ඇතැයි යන අදහසිනි.
සදු කුමරාත් හිරු කුමරාත් ඉතා පියකරු පෙනුමක් ඇති රමණීයයන් බව කියැවේ.දෙවියන් ඔවුන් දෙදෙනාට මෙහි ඒමට අවසර දී තිබුනෙ පළමුව සදු කුමරියටත් සද කුමරිය පැමිණ නැවත ගිය පසු හිරු කුමරුටත් පැමිනිය හැකි ලෙසිනි.
නමුත් එක් දිනක සදු කුමරියට අදාල වේලාවට යාමට නොහැකිවීමත් කිසිත් නොදත් හිරු කුමරු එහි පැමිනීමත් නිසාවෙන් ඔවුන් දෙදෙනා එකිනෙකාට හමුවන බව එම කතාවෙ සදහන්ව ඇත.ඔවුන් දෙදෙනා පලමුව දකින ස්තානයන් අද හදුන්වනු ලබන්නේ සද කුමරිය සිටි තැන “සදගිරිය” හිරු කුමරුන් සිටි ස්තානය “ඉන්ද්‍ර ගිරිය” ලෙසටය.
ඔවුන් දෙදෙනාගේ හමුවීමෙන් පසු නැවත ඔවුන්ට අදාල ලොව වෙත නොගිහින් හෙල දේශයේ සිටිබවත් කාලයක් ගතව ඔවුන් දෙදෙනා දරු මුණුබුරන් සමගින් රැදීසිට ගොඩ නැගුනු ග්‍රාමය අදද හදුන්වනු ලබන්නෙ “මුල්ගම” ලෙසිනි.
බලංගොඩ පිහිටි මෙම “මුල්ගම” “සදගිරිය” “ඉන්ද්‍රගිරිය” යන නම් පටබැදීමට සද කුමරියගෙ සහ හිරු කුමරුගෙ කතාව මුල්වන්නේය.
බොහෝ ගම්වලට නම් පටබැදුනු කතාවක් ඇති බව අපි දනිමු.නමුත් වර්තමාන සමාජයේ බහුතර තරුණ පිරිස මේ කිසිවක් නොදනිති.
මෙහි අඩංගු ජනකතාව කෙසේ උවත් එහි ඇත්ත නැත්ත ඔබ මම නොදනිමි.
මා දැනගත්තද කීමෙන් වැලකී සිටිමි හේතුව සියල්ලට අද සමාජය ඉල්ලන්නේ සාක්ෂිය මේ සබැදිව ලිපිය අවසානයෙ මා සටහනක් තබන අදහසින් ඉතිරිය ඔබට ලියමි.
ජනකතාව හෝ සත්‍ය කතාව එසේ උවද “බලංගොඩ” අපට බැහැර කල නොහැකි ප්රදේශයකි ප්රාග් අයිතිහාසික යුගයන්ට සාක්ශි දරණ ප්‍රදේශයක් නිසාවෙන් ඒ සබැදිව අප කරුණු දන්නෙමු.නමුත් “ඉන්ද්‍ර ගිරිය” මාගෙ ලිපිවලට අදාල නිසාවෙන් මා බලන්ගොඩ සහ මුල්ගම මුල්කරගන්නා ලදි.
” ඉන්ද්‍ර ගිරිය” ඉහල පැරණි දාගැබක් දක්නට ලැබේ.දාගැබෙන් පහලට පැමිනිපසු උමගක් දක්නට ඇතිබව අපට පෙනෙන්නට ඇත.එම උමග තුලට මදක් ගිය පසු උමග දකුණු පසටත් වම්පසටත් උමග බෙදි ඇතිබවක් පෙනෙන බව ගවේශකයන් පවසනු ලබයි.
මෙම උමග රාවණ සමය දක්වාම දිවයන බව සදහන්.”ඉන්ද්‍රගිරිය” මුදුනතෙහි සිට බැලු කල කූරගල පෙනෙන්නට ඇත.කූරගල එකල හදුන්වනු ලැබුවෙ “කුවේරගල” ලෙසය “කුවේරගල” “කුහරගල” “කූරගල” උනු බවටයි සදහන්.රාවණගෙ වැඩිමල් සොයුරු කුවේර එහි සිටිබවද සදහන්.
කුවේර යනු රාවණගේ පියතුමන්ට දාව වෙනත් මවකට උපන්නෙකි එබැවින් කුවේර රාවණ රජුගෙ සහෝදරයෙක් වන්නේය.
මා බලංගොඩ මුල්කරන් ලියන ලද්දෙ රාවණ රජුට ඇති සම්බන්දතාවය නිසාවෙනි.ප්‍රදානම කරුණ මෙහි සදහන් ස්තාන අතර රාවණ රජුට සම්බන්ද අය යෝගී වඩන බවට ගවේෂකයන් මත පලකරනු ලබයි.බලංගොඩ සබැදිව රාමායණයෙහිද සදහන්ව ඇත.
සෘසිවරුන්ගෙ මුණිවරුන්ගේ ජීවකාලය අප නොදනිමි එබැවින් එයට කිසිවක් මා නොපවසමි .එසේම හෙළ භූමියෙ මිනිස් පය නොගැටුනු ස්තාන අපමනව ඇත.එය එසේවීමට හේතුව අපට යාමට කිසිසේත්ම නොහැකි බවයි.එසේනම් එය සිදුවන්නෙ කෙසේද? පිලිතුරු සෙවීම නුබ කලයුතුය.
අප අසා ඇත්තෙමු ශ්‍රී පාද වන්දනාවේදි විවිදාකාර වයස්ගත පුද්ගලයින් ගමන්වාරය අතර මැද හමු උනු බවත් ඔවුන් නැවත දැකගැනීමට නොහැකි උනු බවත්.ඉතා ප්‍රියමනාපව කතාකල බවත් ඔවුන් තනිව ගමන්කලබවත් යන කරුණු එවැනි කතා ගැන ඔබ සිතුවාද?එසේනම් ඒ කවුරුන් විය හැකිද? විවිද කැලෑතුලදීද,අතරමන් උනු අවස්තාවලදීද මෙවැනි පුද්ගලයින් හමුව ඇතිබව අප එදා මෙන්ම අදද අසා ඇත.ඔබ ඒ ගැන මොහොතක් සිතුවාද?
අමතක නොකරන්න මේ සෘසිවරු මුණිවරු උපන් බුදු පහස ලද භූමියකි.
සියලුදේට සාක්ෂි ඉල්ලන ඔබගෙන් මා අසන්නට කැමති ඔබ අපෙ ඉතිහාසය ගැන කුමක් සොයාගන ඇත්ද?
ඔබට ස්තානයක් හෝ පොතපතක සදහන් දෙයක් ඒත් නැත්නම් ගවේෂක විද්වත් අදහස් දැක්වීමක් කල පසු එම පොත හෝ කියවා ඇත්ද?
ගවේෂක විද්වත් අදහස් ගැන ඔබ සොයා ඇත්ද?
ඔබ කලයුත්තෙ ඔබට අවැසිනම් ඔවුන්ගෙ තොරතුරු අනුව ඔබ එහි සාක්ශි සොයා ගැනීම නොවෙද?
ඔබට කෙනෙකුගෙ කතාවක් විශ්වාසකල නොහැකි විය හැක නමුත් අපගෙ ඉතිහාසය ලිය උනු පැරණි පොතපත අභියෝගයකට ලක්කල හැකිද?( යම් යම් ස්තානයන් පිලිබද හැකි.නමුත් බහුතරය)
ඔබට අවැසි යමක් ඇත්නම් ඔබම එය සොයන්න එයයි ඔබෙන් විය යුත්තෙ.තවකෙක් සොයාදෙනතුරු හිදින්නෙ කාලකන්නි ලෙස හදුන්වන කම්මැලියෙකි.තිත්ත ඇත්ත මෙයයි.
මා මට අවැසිදේ කුමනහෝ ක්‍රමයකින් සොයාගන්නේය ඒ මාගෙ උවමනාව සහ උනන්දුවයි.ඔබ අසා ඇත්ද සමාජයෙ කතාවක් ඔබෙ මිතුරගෙන්ම “උබ තනියම බුදු වෙයන්” නිවැරදිය දෙදෙනෙකුට කතාවී බුදුවීමට නොහැක එසේනම් තනිවමය බුදු විය යුත්තේ.( සමාවන්න මෙයට අති උතුම් බුදුන් යන නාමය භාවිතාකලාට එහෙත් සමාජ ගත කතාව මා සදහන් කරනු ලැබූවෙ)
අමිල