චීන යුවාන් වැන්ග් 5 නෞකාවට අගෝස්තු 16 වැනිදා සිට 22 වැනිදා දක්වා හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබාදුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම නෞකාව අගෝස්තු 11 වැනිදා සිට 17 වැනිදා දක්වා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුණත් එය ප්‍රමාද කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ චීන තානාපති කාර්යාලයට මීට පෙර දැනුම් දී තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, යුවාන් වැන්ග් 5 නෞකාව අගෝස්තු 16 වන දින හම්බන්තොට වරායට පැමිණෙන බවට කොළඹ චීන තානාපති කාර්යාල විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කළ බවයි.
අගෝස්තු 16 සහ 22 අතර කාලය තුළ නෞකාවට අවශ්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා අවසර ලබාදෙන ලෙස චීන තානාපති කාර්යාලය යළි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා තිබුණා.