Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉදිරි දින කිහිපය තුල උෂ්ණත්වය ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉදිරි දින හතර තුළ එක්සත් රාජධානියේ ඇතැම් ප‍්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.

මේ වන විට එක්සත් රාජධානියේ අධික තාප තරංග පිළිබඳ අනතුරු ඇඟවීමක් බලාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.
අද මධ්‍යම රාත‍්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි දකුණු සහ මධ්‍යම එංගලන්තය සහ වේල්සයේ ඇතැම් ප‍්‍රදේශ සඳහායි එරට කාලගුණ කාර්යාල විසින් දැඩි අනතුරු ඇඟවීම ක‍්‍රියාත්මක කර ඇත්තේ.

එමෙන්ම සති අන්තයේ එක්සත් රාජධානියේ ලැව්ගිනි සඳහා ඉහළම අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, බොහෝ ස්ථානවල ලැව් ගිනි පැතිරීමේ ”සුවිශේෂී” අවදානමක් පවතින බවට අනාවරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම තාප තරංගය සෞඛ්‍යයට, ප‍්‍රවාහනයට සහ එක්සත් රාජධානියේ සේවා තත්ත්වයන්ට දැඩි ලෙස බලපානු ඇති බවටයි විද්‍යාඥන් පුරෝකතනය කර ඇත්තේ.

එමෙන්ම ජල සුරක්ෂිතතාව පිළිබඳ දැඩි අවදානමක් ද පවතින බවට එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

uk weather middlesbrough

Scroll to Top