අසාධ්‍ය රෝගියෙකුට, ගර්භණී මවකට වැනි හදිසි අවස්ථාවකදී ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමය සැලකිල්ලට නොගෙන ඉන්ධන නිකුත් කිරීමට පිරවුම්හල්වලට අවසර පවතින බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
එහි උප සභාපති කුසුම් සඳනායක නෙත් නිවුස් වෙත සඳහන් කළේ ඉතා සීමිත පිරිසකට අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඉන්ධන නිකුත් කරන බවයි.