Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලිත් ආරම්භ කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට නානුඔය දක්වා දුම්රිය මාර්ගයට පස්, ගල් සහ ගස් කඩා වැටිම නිසා ඉකුත් (02) දින සිට ඇණ හිට ඇති දුම්රිය ධාවන කටයුතු යලිත් ආරම්භ කිරිමට පෙර දුම්රිය මාර්ග පරික්ෂා කිරිම (08) දින සිදු කෙරිණ.

නානුඔය දුම්රිය ස්ථානයේ සහකාර දිස්ත්‍රික් ඉංජිනේරු ඉහල නිසල් ලියනආරච්චි මහතා (08) දින නානුඔය දුම්රිය ස්ථානයේ සිට රොසැල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගය පරික්ෂා කිරිම සිදු කෙරිණ.

එම දුම්රිය මාර්ගයට අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටි ඇති පස් කදු , ගල් සහ ගස් ඉවත් කිරිමේ කටයුතු (08) දිනයෙත් රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය එන්ජිමක් සහ බැකෝ යන්ත්‍රයක් උපයෝගි කර ගෙන සිදු කරන ආකාරය අප කැමරාවේ සටහන් විය.

(09)දින සිට උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්ත්වයට පත් කිරිමට හැකි බව ඉංජිනේරු නිසල් ලියනආරච්චි මහතා කියා සිටිහ.

රංජිත්

Scroll to Top