බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මෙතෙක් වැඩිම උණුසුම වාර්තා කරමින් පසුගිය අඟහරුවාදා සෙල්සියස් අංශක 40ක උෂ්ණත්වයක් පැතිරීම හේතුවෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර ප්‍රදේශ රැසක ළැව්ගිනි හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ළැව්ගිනිවලට හසු වූ ප්‍රදේශවල නිවාස රැසක් ගින්නට හසු වී දැවී අළු වී ඇතැයි ද වාර්තා වේ.
පවතින තත්ත්වය මත ලන්ඩන් නුවර හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙය තීරණාත්මක අවස්ථාවක් බව ලන්ඩන් නගරාධිපති සදික් ඛාන් නිවේදනය කර තිබේ.
ලන්ඩන් නුවර ප්‍රදේශ 10ක පමණ ළැව් ගිනි හටගෙන ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට ගිනි නිවන රථ දුසිම් ගණනාවක් සහ ගිනි නිවන භටයන් සිය ගණනක් මෙහෙයුම් සිදු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.