අටවැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී අද(19) උදේ 10 සිට නාමයෝජනා භාර ගැනේ.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ විශේෂ විධි විධාන පනතට අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් එම නාමයෝජනා කැඳවීම සිදුකිරීමට නියමිතය.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නාම යෝජනා භාරදීමට තීරණය කර ඇත.