ඉදිරි දැක්ම අනුව 2022 සහ 2023 වසරවල ගෝලීය ආර්ථික වර්ධනය තවදුරටත් පහළ යාමක් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එම තත්ත්වය හමුවේ නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට ශක්තිමත් ප්‍රතිපත්තිමය මැදිහත්වීම් අවශ්‍ය බවයි එම අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටර්ලිනා ජෝර්ජිවා පවසන්නේ.
ඇය මේ බව සඳහන් කළේ ඉන්දුනීසියාවේ පැවැති ජී 20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හා මහ බැංකු අධිපතිවරුන්ගේ හමුවක් අමතමින්.
ඉහළ ණය මට්ටමක් හා සීමිත ප්‍රතිපත්ති ඇති රටවලට වත්මන් ශ්‍රී ලංකාව අනතුරු ඇගවීමේ සලකුණක් බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සඳහන් කළේ.
මේ අතර ණය බර, ණය පැහැර හැරීම්, උද්ධමනය සහ ආර්ථික බිඳවැටීම් මෙන්ම ඉන්ධන මිල ඉහළ යාම් වැනි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාව මෙන්ම තවත් රටවල් කිහිපයක්ම මේවනවිට අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා එම රටවල් අතර ලෙබනනය, රුසියාව, සැම්බියාව බෙලරුසියාව, ආජන්ටිනාව සහ ඉක්වදෝරය වැනි රටවල් ද වන බවයි වාර්තා වන්නේ.