Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉදිරි දින කිහිපය තුළ බරපතල ක්‍රියාමාර්ග කිහිපයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉවත්වන ලෙස බලකරමින් ඉදිරි දින දෙක තුළ බරපතල ක්‍රියාමාර්ග ගැනීම බලාපොරොත්තු වන බවත් හෙට (19) විරෝධතා දිනයක් බවට පත්කරන බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පැවසීය.

අද සිට ආසන්න නගරවලට පැමිණ විරෝධතා පවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී වසන්ත මුදලිගේ මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඉවත් කළ හැකි වූයේ සමස්ත රටම විරෝධතා භූමියක් බවට පත්කිරීමට හැකිවීමෙන් බව ද සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධූරයෙන් ඉවත්කිරීමට වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දුන් බවත් අරගලය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට හැකි බවත් වසන්ත මුදලිගේ මහතා වැඩි දුරටත් කීය.

වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුවේ නියෝජිතයන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා එසේ පැවසීය.

Scroll to Top