අරලියගහ මන්දිරය තුලදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු අද අලුයම ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බව වාර්තා වනවා.
අරලියගහ මන්දිරය තුලදී ඇතිව තිබෙන මෙම සිදුවීම හේතුවෙන් තුවාල ලැබූ එක් කාන්තාවකගේ ගෙල ද කපා ඇති බවයි වාර්තා වන්නේ.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තුවාල ලැබූවන් අතර කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු සිටින බවයි.
අදාළ පිරිස ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ, අද අලුයම 2.45 ට පමණයි.