පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සහ අරගලයේ ක්රියාකාරීන් පිරිසක් අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පස්වරු 02ට කොළඹ මහජන පුස්තකාලයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. අරගලකරුවන් ලෙස සකස් කර ඇති ක්රියාකාරී සැලැස්ම හදුන්වා දීම සහ ඒ සදහා සම්මුතියක් ඇති කර ගැනීම එහි අරමුණ වන බවයි පැවසුවේ.