Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දෙවනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 39 කින් (11) ජය ගත්තේ ය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ, පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 364 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව අද පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 554 කි.

සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමට අද සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 151 පමණි.

සුපරි පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 6ක් දවා ගත්තේය.

දිනේෂ් චන්දිමාල්ගේ විශිෂ්ඨ පිතිහරඹය සහ සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරියගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඉනිමක හා ලකුණු 39ක ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරිය පළමු ඉනිමේදීද කඩුලු 06ක් දවා ගත් අතර සමස්ථ තරඟයේදී කඩුලු 12ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවා. ඒ අනුව තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමටද ඔහු සමත් වුණා. තරඟාවලියේ වීරයා ලෙස සම්මානය දිනේෂ් චන්දිමාල්ට හිමි වුණා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් වලින් තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගතකිරීම් අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට පළමු ස්ථානය හිමිව ඇති අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙවර එල් පී එල් තරඟාවලිය සඳහා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම විසින් තෝරාගෙන තිබෙනවා. ක්‍රීඩකයින් තෝරා ගැනීමේ පළමු අදියරේදී කිසිදු කණ්ඩායමක් විසින් පැතුම් නිස්සංකව තෝරා ගැනීමට ඉදිරිපත්ව තිබුණේ නැහැ.

එල් පී එල් තරඟාවලියට නැවත වරක් ක්‍රීඩකයින් තෝරා ගැනීමට ලබා දුන් අවස්ථාවේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම විසින් පැතුම්ව සිය කණ්ඩායමට ඇතුලත් කරගෙන තිබෙනවා. 20යි 20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේද පැතුම් නිස්සංකයි.

Scroll to Top