ජූලි 12 වනදා ජාතික ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත්කර තිබේ.
ඒ අනුව එදින සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් ලබාදී ඇති බව ස්වදේශ කටයුතු අමාත්යංශය සඳහන් කළේය.
කෙසේවුවත් එදින රජයේ නිවාඩුවක් නොවන බව එම අමාත්යංශය වැඩිදුරටත් සඳහන් කළේය.
ජපාන හිටපු අග්රාමාත්ය ෂින්ෂෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් එම ශෝක දිනය ප්රකාශයට පත් කර තිබේ.