පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් බස්රථ ධාවනය අද දිනයේ ඉතා අවම මට්ටමකට පත්ව තිබෙනවා. ඉන්ධන හිඟය හේතුවෙන් අද දිනයේ දිවයින පුරා ධාවනය වන්නේ පුද්ගලික බස්රථ 1500 කට අඩු ප්රමාණයක් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.
ලංකා ගමනා ගමන මණ්ඩලය වෙතද ඉන්ධන ලැබීම මේ වන විට නතර වී තිබෙනවා. ඒ අනුව පවතින ඉන්ධන තොග සීමාවීම සහ ඉන්ධන ඉල්ලා ඇතැම් සේවකයින් රාජකාරීවලට වාර්තා නොකිරීම යන කරුණු හේතුවෙන් ලංගම බස්රථ ධාවනයද අවම වී තිබෙනවා.