උද්ධමනය ඉහළ යෑම සහ ජාතික ණය බර වැඩි වීමට විරෝධය දක්වමින් ආජන්ටිනාවේ දහස් සංඛ්‍යාත ජනතාව බුවනෝස් අයර්ස් අගනුවර ජනාධිපති මන්දිරය දක්වා පා ගමනක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ආහාර මිල ඉහළ යෑමත් සමග දැඩි පීඩාවට පත්ව සිටින එරට ජනතාව රජයට චෝදනා කරමින් මේ පාගමනේ නිරත වූ බව වාර්තා වේ.
ආජන්ටිනාවේ උද්ධමනය පසුගිය මාසයේදී 60%කට වඩා වැඩි අගයක් ගත් අතර, විදේශ මුදල් සංචිත හිඟවීම සහ ගෑස් ආනයන වියදම් ඉහළ යෑම නිසා දැඩි ආර්ථික අර්බුදයකට මැදි වී සිටී.