අරගලය තීරණාත්මක සංධිස්ථානයකට පැමිණීමෙන් පසු කොළඹ – පිටකොටුව බෝධිය අසල ආරම්භ කළ භික්ෂු සත්‍යග්‍රහය අද පස්වරුවේ අවසන් කළා. ඒ දින දෙකකට පසුවයි.
මේ අතර, කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සර්ව ආගමික නායකයින් පෙන්වා දුන්නේ මේ මොහොතේ වහාම පාර්ලිමේන්තුව රැස්කර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සිදුකළ යුතු බවයි.
මේ අතර, අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් අද පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඔවුන් සිය ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කළා.