ඊයේ(08) රාත්‍රී 9.00 සිට බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ 07ක් ආවරණ වන පරිදි පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය අද(09) පෙරවරු 8.00 සිට ඉවත් කරණ බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ , මීගමුව , කැලණිය, නුගේගොඩ , ගල්කිස්ස , කොළඹ උතුර , කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන පොලිස් කොට්ඨාසවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය මෙසේ ඉවත් කරන බවය.
ප්රජාතන්ත්රවාදය අගය කරමින් මානව නිදහස පිළිගන්නා රටක සෑම පුරවැසියෙකුටම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙන්ම මූලික අයිතිවාසිකම් දිනාගැනීමට අරගල සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කරදී තිෙබන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එබැවින් නිදහස් සහ සාමකාමී නිරායුධ මිනිසුන්ගේ අරගලය මැඩපැවැත්වීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීම රජය ගත් බියගුළු ක්‍රියාවක් බවත් අදළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.