ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LP Gas) ‘නිශ්චිත භාණ්ඩ’ හෙවත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ඊයේ(08) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කර ඇත.
ඒ් අනුව 2022 ජූලි 08 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි 2003 අංක 09 (සංශෝධිත) දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 18 වැනි වගන්තිය යටතේ LP ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
LP ගෑස් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත් කරමින් වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේඅත්සන යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.