Aboutceylon Online

අරගලයට ජය – ගෝඨා + රනිල් යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස 13 වෙනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව තමන්ට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කරයි.

ඒ් අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අද රාත්‍රී සිය ඉල්ලා අස්වීමේ ලිපි කතානායක යැවීමට නියමිත බව වාර්තා වෙයි.

සතියක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවා නව ජනාධිපතිවරයකු පත් කර නව රජයක් පත්කර ගැනීමට පියවර ගනු ඇත.

සාමය ආරක්ෂා කර සියලු දෙනාට නිවෙස් වලට යන ලෙස කථානායක වැඩිදුරටත් ඉල්ලීමක් කර තිබේ.

 

Scroll to Top