2030 වනවිට, අලෙවි කරන සියලුම වාහනවලින් 30%ක් පමණ විදුලියෙන් ධාවනය වන රථ බවට පත්කිරීමට ඉන්දියාවේ රජය සැලසුම් කර ඇත. විශේෂයෙන් රටේ පවතින බහුතරයක් ද්වි-රෝද සහ ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීම ඉන්දියාවේ සැලසුම වී තිබේ.
දේශීය විදුලි මෝටර් රථ නිෂ්පාදනය ඉහළ දැමීම වෙනුවෙන් රජය රුපියල් බිලියන 259ක (ඩොලර් බිලියන 3.3ක) ප්‍රතිපාදන වෙන්කර ඇත.
මේ අතර විදුලි ද්වි සහ ත්‍රිරෝද රථ සඳහා රටපුරා බැටරි හුවමාරු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමටද රජය සැලසුම් කර තිබේ.