Aboutceylon Online

අද කාර්යාල දුම්රිය රැසක් අවලංගුයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්ධන අර්බුදය හමුවේ අද(06) දිනයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දුම්රිය සේවකයින් ට රාජකාරි සඳහා වාර්තා කිරීමට අපහසු වීම හේතුවෙන් අද පෙරවරුවේ කාර්‍යාල දුම් රිය 48න් 22ක් පමණක් ධාවනය වනබව සදහන් කෙරේ.

ඊයේ පස්වරුවේ ද දුම්රිය ධාවනාගාර සේවකයින් ඉන්ධන ගැටලුව මුල්කර්ගනිමින් වර්ජනයක් ආරම්භ කළ අතර දුම්රිය ධාවනයට ඉන් දැඩි බාධා එල්ල විය.

රටටම ඉන්ධන හිගයක් පවතින මොහොතක නියාමකවරුන් ඉන්ධන ඉල්ලා සිටීම අසාධාරණ බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පෙන්වා දුන්නා.

බොහෝ නියාමකවරුන් නිල නිවාසවල සිට බැවින් පා ගමනින් රාජකාරියට වාර්තා කළ හැකි බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Scroll to Top