Aboutceylon Online

ඩෙංගු වැඩිවී ඇත්තේ වයිරසයේ වෙනසක් නිසාදැයි සැකයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් ඩෙංගු වයිරසයේ් වෙනසක් සිදුවී තිබේ දැයි විශේෂඥ වෛද්‍යවරු සැක පළ කරති.

ඩෙංගු රෝගීන්ගේ සංකූලතා විශාල වශයෙන් වැඩි වී තිබෙන බැවින් වයිරසයේ වෙනසක් සිදුවී ඇතිද යන සැකය මතු වී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සන්තුෂ් සේනාපති පවසා තිබේ.

ජනවාරි මාසයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 36,843ක් වාර්තා වී ඇති බවත් ජූලි මාසයේ ගෙවුණු දින 4ට පමණක් රෝගීන් 1,419ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවැසීය.

පසුගිය ජුනි මාසයේ පමණක් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 11,218 බවද සමරවීර මහතා කීය.

Scroll to Top