Aboutceylon Online

ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

‘කළු කොටි සැමරුම’ යෙදෙන හෙට (05) හෝ අනින්දා (06) උතුරු, නැගෙනහිර හෝ දකුණු පළාත ඉලක්කකරගෙන බෝම්බ ප්‍රහාරයක්, යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කර එය එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් කරන ලද්දක් යැයි ඒත්තු ගැන්වීමට සුදානමක් පවතින බවට විශේෂිත තොරතුරක් ලැබී ඇතැයි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.

ප්‍රාදේශීය සභා මන්ත්‍රින් ඇතුළු දේශපාලනඥයන් ඉලක්ක කර ඔවුන්ට සහ ඔවුන්ගේ නිවාසවලට ද යම් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් මගින් රජයට බලපෑම්කර රජය අපහසුතාවට පත් කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂවලින් සහ විපක්ෂ කණ්ඩායම් මගින් සැලසුම් කර ඇති බවට තමා වෙත වාර්තා කර ඇතැයි ද පොලිස්පතිවරයා මෙම ලිපියෙන් දැනුම් දී ඇත.

කලබල වීමකින් තොරව එදිනෙදා කටයුතුවල නිරතවන ලෙස ආරක්ෂක අමාත්‍යංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

ඊට අදාළව ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කළ ලිපිය පහතින්.

 

Scroll to Top