අද සහ හෙට දෙදින තුළ පැය 03 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම අද ප්‍රකාශ කළා. ඒ අනුව A සිට L දක්වා සහ පී සිට ඩබ්ලිව් දක්වා වන කලාපවලට හෙට සහ අනිද්දා උදෑසන කාලයේ පැයයි විනාඩි 40 ක් සහ පස්වරුවේ පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ.
ඊට අමතරව CC කලාපයට උදෑසන 6 සිට උදෑසන 8 යි 30 දක්වා පැය 02 යි විනාඩි 30 ක කාලයක් ද, M, N, O, X, Y සහ Z යන කලාප සඳහා උදෑසන 05 යි 30 සිට උදෑසන 08 යි 30 දක්වා පැය 03 කාලයක් එලෙස විදුලිය කප්පාදු කෙරෙනු ඇති.