Aboutceylon Online

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම මුහුදු රළ ගොඩට එයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම මුහුදු රළ ගොඩට ගසා ඇති සිදුවීම් කිහිපයක් ඊයේ  වාර්තා විය. දෙහිවල, අම්බලන්ගොඩ සහ ගාල්ල යන ප්‍රදේශවල ස්ථාන කිහිපයක ම මුහුදු රළ ගොඩට පැමිණ ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ මෙලෙස මුහුදු රළ ගොඩට පැමිණීමට හේතුව පවතින දැඩි සුළං තත්ත්වයත්, මුහුදේ කැළඹිලි ස්වභාවයත් බවයි.

රළ ගොඩගැසීමේ සිදුවීම් හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අකුරල, කහව, තෙල්වත්ත යන ප්‍රදේශවල ගමනාගමන කටයුතුවලට ද බාධාද එල්ල වූ බව වාර්තාවිය.

Scroll to Top