ඉන්දියාවේ රාමේස්වරන් ධීවර වරාය ආසන්නයේ මුහුදේ හදිසි වෙනස්කමක් නිසා ධීවරයෝ මුහුදු යාම නතර කොට තිබේ.
මේ හේතුව නිසා මේ කාලයේදී රාමේස්වරන් සිට උතුරු මුහුදට පැමිණෙන ඉන්දීය ධීවරයින්ගේ සංඛ්‍යාව සියයට අසූවකින්ම පහත වැටී ඇති බව උතුරේ ධීවර සංගම් නායකයෝ සදහන් කරයි. රාමේස්වරන් මුහුදේ ජල මට්ටම හදිසියේම ඉහල යාමත් සමගම මුහුදේ ඇති වි තිබෙන දැඩි කැළඹිලි ස්වභාවය නිසා ධීවරයෝ මුහුදු යාම නවතා ඇත්තේ ඉන්දීය බලධාරීන් විසින් අනතුරු ඇගවීමක් සිදු කිරීමෙන් පසුවය.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ