ජුනි මාසයේ උද්ධමනය සියයට 54.6ක් දක්වා ඉහළගොස් තිබේ.
මේ අතර ආහාර මිල ගණන් ද එම මාසය තුළ 80%කින් ඉහළගොස් ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම 42.4% ක් බවය.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යාම මේ සඳහා ප්‍රධාන බලපෑමක් සිදු කර ඇති අතර සහල්, මිරිස්, ධාන්‍ය වර්ග ඇතුළු අනෙකුත් අහාර මිල ගණන් ඉහළ යාමද මීට හේතු වී තිබේ.