Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

යල කන්නයේ වී වගා කළ සියලු ගොවි ජනතාවට රජයෙන් යූරියා පොහොර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

යල කන්නයේ වී වගා කළ සියලු ගොවි ජනතාවට යූරියා පොහොර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඉන්දීය රජය විසින් ලබා දෙන යූරිය පොහොර බෙදාහැරීම පිළිබද අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා. හෙක්ටාර 1කට යූරියා පොහොර කිලෝග්‍රෑම් 100ක් වන සේ ලබාදීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ. යූරියා පොහොර තොග ලැබීමෙන් අනතුරුව සියලුම ගොවිජන මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පුනර්ජීවනය සදහා වූ ක්‍රියාකාරී සැලැස්මක් සහිත යෝජනාවලියක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාර දුන්නා. රසායනික පොහොර ආනයනය හා කාබනික වගාව – රටේ සහල් නිෂ්පාදනය ඉහළ නැංවීම වැනි කරුණු ගණනාවක් යෝජනාවලියට ඇතුළත්. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා වන කෙටි කාලීන යෝජනා 11 ක් ද මීට ඇතුළත් කර තිබෙනවා.

Scroll to Top