දකුණු ආසියාවේ ජීවන තත්ත්වයෙන් උස්සම නගරය ලෙස ශ්‍රී ලංකාවේ කොළඹ නගරය පත්ව තිබේ. ලන්ඩනයේ සිට ක්‍රියාත්මක මර්සර් ආයතනය විසින් ගණනය කරනු ලබන මෙම දර්ශකය අනුව ලෝකයේ නගර 231කින් 132 වැනි ස්ථානයට කොළඹ නගරය පත්ව තිබේ.
ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරය මෙම ශ්‍රේණිගත කිරීම්හි 144 වැනි ස්ථානයට පත්ව ඇති අතර එය ඉන්දියාව තුළ ජීවන තත්ත්වයෙන් උසස්ම නගරය මෙන්ම දකුණු ආසියාවේ දෙවැනි හොඳම නගරය වෙයි.
මෙවර එම දර්ශකය ගණනය කරනු ලැබ ඇත්තේ 19 වැනි අවස්ථාවටය. දේශපාලන හා සමාජ පරිසරය, අර්ථික පරිසරය, සමාජ සංස්කෘතික පරිසරය, වෛද්‍ය හා සෞඛ්‍ය තත්ත්වය, පාසල් හා අධ්‍යාපනය, රාජ්‍ය සේවය හා ප්‍රවාහනය, පාරිභෝගික භාණ්ඩ, නිවාස හා ස්වාභාවික පරිසරය යන කාණ්ඩ 10ක දත්ත විශ්ලේෂණය කර මෙම දර්ශකය ගණනය කරනු ලබයි.
ජීවන තත්ත්වයෙන් උසස්ම නගරය ලෙස ඔස්ට්‍රියාවේ වියනා නගරයත් පහත්ම නගරය ලෙස ඉරාකයේ බැග්ඩෑග් නගරයත් නම්ව ඇත.