Aboutceylon Online

යුධ හමුදා අධික්ෂණය යටතේ ඩිසල් නිකුත් කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලට (27) දින රාත්‍රියේ එම සමාගම විසින් නිකුත් කල ඩිසල් ලිටර් 6600 යුධ හමුදා නිලධාරින්ගේ අධික්ෂණය යටතේ අත්‍යවශ්‍ය සේවා සහ සමාන්‍ය සේවා වාහන සදහා සිමාවන්ට යටත්ව නිකුත් කිරිම (28) දින සිදු කෙරිණ.
ඉන්ධන ලබා ගැනිමේ අපෙක්ෂාවෙන් පොලිම් වල ගාල් කර තිබු වාහන වලට යුධ හමුදා භට පිරිස් විසින් විධිමත් ආකාරයට ටොකන්පතක් නිකුත් කර එම ටොකන්පතට අනුව සමාන්‍ය සේවා වාහන වලට සිමාවන්ට යටත්ව සහ අත්‍යවශ්‍ය සේවා වාහන සදහා වාහනයට අවශ්‍ය මුළු ඉන්ධන ප්‍රමාණය ලබාදිමට පියවර ගෙන තිබුණි.

යුධ හමුදා නිලධාරින්ගේ අධික්ෂණය යටතේ ඉන්ධන ලබාදිමේ ක්‍රමවේදය සාධාරණ ක්‍රමවේදයක් බවයි ඉන්ධන ලබාගැනිම සදහා පොලිම් වල රැදි සිටි රියදුරන් කියා සිටියේ.

යුධ හමුදාවේ අධික්ෂණය යටතේ එම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් විසින් ඩිසල් ඉන්ධන නිකුත් කල අතර රථ වාහන පාලනයට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ගේ සහයෝගය ලැබි තිබුණි.

මේ අතර හැටන් ලංගම ඩිපොවෙන් දුර සහ කෙටිදුර ධාවනයට ලංගම බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබු අතර , හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලින් ගමන් ආරම්භ කරන පෞද්ගලික බස් රථ කිහිපයක් ඩිසල් ඉන්ධන නොමැති විම හමුවේ ධාවනයෙන් ඉවත් කරගෙන තිබුණි.

රංජිත්

Scroll to Top