Aboutceylon Online

සෞඛ්‍ය වෘත්තීය සමිති අද සිට වැඩවර්ජනයක

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉල්ලීම් 06ක් මුල් කරගනිමින් හෙට සහ අනිද්දා වෘත්තීය සමිති 08ක් සේවාවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ පැවසුවේ සිය ඉල්ලීම්වලට අවස්ථා ගණනාවකදී බලධාරීන් සමඟ සාකච්ඡා කළද සාධනීය විසදුමක් නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති 08 එළෙස සේවාවලින් සම්පූර්ණයෙන් ඉවත් වන බවයි.

සිය ඉල්ලීම්වලට බලධාරීන් විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන සඳුදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවද ඔහු සදහන් කළා. වෘත්තීය ක්‍රියාමාර්ගය සියලු ළමා හා කාන්තා රෝහල්වල මෙන්ම පිළිකා රෝහලේ සිදු නොකරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

 

Scroll to Top