සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙ ‘නැප්තා’ යොදා ගනිමින් යූරියා පොහොර නිපදවන ලද දැවැන්ත යන්ත්රාගාරය ඩුබායි රටට පරණ යකඩවලට අලෙවි කිරීම නිසා මෙරට තුළදී යූරියා නිපදවීමේ අවස්ථාව අහිමිවී ඇතැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.
පරණ යකඩවලට අලෙවි කරන ලද එම යන්ත්රාගාරය අද වන විට ඩුබායි රට තුළ පොහොර නිපදවීමේ කටයුතු සිදු කෙරෙන බවද ඔවුහු සඳහන් කරති.
එක්දහස් නවසිය අසූ ගණන්වල ඉතා හොඳින් ක්රියාකාරී මට්ටමක පැවැති මෙම යන්ත්රාගාරයේ නිෂ්පාදන ධාරිතාව අඩු බව පවසමින් පසුකාලීනව වසා දමා තිබේ. මේ හේතුවෙන් එහි යන්ත්ර සූත්ර ක්රමයෙන් දිරායමින් පැවැති අතර, පසුකාලීනව එය පරණ යකඩවලට යන්ත්රාගාරය පිටින්ම ඩුබායි රටට අලෙවි කර ඇතැයිද ය ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම යන්ත්රාගාරය ඩුබායිවල සවිකර ක්රියාත්මක වන බවත් මෙම යන්ත්රාගාරය මෙරටට ලැබී ඇත්තේ සෝවියට් සමූහ ආණ්ඩුවෙන් බවද පැවසේ.