පවතින තත්ත්වය හමුවේ අන්තර් පළාත් අතර සංචාර කටයුතු අත්හිටුවීමට සිදුවන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
මේ අතර ජුලී මස 10 වෙනිදායෙන් පසුව අඛන්ඩ ඉන්ධන සහ ගෑස් සැපයීමට අවශ්‍ය කටයුතු නිසි ක්‍රමවේදයක් අනුව සිදුකිරීමට පියවර ගන්නා බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
මෙය රට වැසීමක් නොවන බවත් හැකිතාක් නිවසේ සිට කටයුතු කරන ලෙසයි මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ.