Aboutceylon Online

ඉන්ධන පිරවුම්හල් වසා දමයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල සංචිතයේ ඩිසල් සහ පෙට්‍රල් ඉන්ධන නොමැති විම නිසා ඉන්ධන පිරවුම්හල් තාවකාලිකව වසා දැමිමට ඉන්ධන පිරවුම්හල් කලමණාකාරිත්වය පියවර ගෙන ඇත.

පෞද්ගලික බස් රථ වලට හැටන් ලංගම ඩිපොවෙන් ඩිසල් ඉන්ධන මිට ප්‍රථම නිකුත් කලද පෞද්ගලික බස් රථ සදහා නිකුත් කිරිමට ඩිසල් ඉන්ධන නොලැබුණු නිසා  පෞද්ගලික බස් රථ වලට ඩිසල් ඉන්ධන නිකුත් කිරිම තාවකාලිකව නතර කල බව හැටන් ලංගම ඩිපෝවේ කලමණාකාරවරයා පැවසිය.

ඩිසල් ඉන්ධන නොමැති විම නිසා හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට දිනපතා දුර සහ කෙටිදුර ධාවනය වන පෞද්ගලික බස් රථ ගණනාවක්  (26) දින ධාවනයෙන් ඉවත් කර එම බස් රථ ගාල් කර ඇති අතර , යලිත් වතාවක් ඉන්ධන මිල වැඩි කිරිම අසාධාරණ බවත්,මිල වැඩි වුවද තම වාහන වලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනිමට නොහැකි වි ඇති බවයි රියදුරන් කියා සිටින්නේ.

රංජිත්

Scroll to Top