සැලසුම් කළ පරිදි ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමාකිරීමට සිදුවී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මීළඟ ඉන්ධන තොගය දිවයිනට ලැබෙන තෙක් පොදු ප්‍රවාහනය, විදුලි බලාගාර සහ කර්මාන්ත යනාදී කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් පවතින ඉන්ධන තොග නිකුත් කිරීම සිදුකරන බවය.
ඉදිරි සතිය තුළ සීමිත පෙට්‍රල් හා ඩීසල් තොග ඉන්ධනහල් කිහිපයකට පමණක් බෙදාහැරීම සිදුකරන බැවින් පෝලිම්වල රැදීනොසිටින ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඉන්ධන නෞකා පැමිණෙන දිනයක් තහවුරු කිරීමට ඛණිජ තෙල් සංස්ථාවට නොහැකි වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි.
මීළඟ බොරතෙල් නෞකාව පැමිණෙන තෙක් පිරිපහදුව ද තාවකාලිකව වසා දැමෙන අතර සිදුව ඇති ප්‍රමාදය සහ අපහසුතාව පිළිබඳ සමාව අයදින බවද කංචන විජේසේකර අමාත්‍යවරයාගේ ටිව්ටර් පණිවුඩයේ සඳහන් වෙයි.