Aboutceylon Online

කළු කඩේ තෙල් ලීටරයක් 1000 යි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයිනේ සංවිධානාත්මක කණ්ඩායම් නිවෙස් ඇතුළු පිටස්තර ස්ථානවල ( කළු කඩේ) පෙට්‍රල් සහ ඩීසල් සඟවා තබාගෙන ලීටරයක් රුපියල් 1000ත් 1200ත් අතර මිල ගණන්වලට හොර රහසේ අලෙවි කරන බව වාර්තා වේ.

තෙල්  ලීටරයක් රුපියල් නවසිය පනහ බැගින් පෙට්‍රල් ලීටර් 5ක් කළු කඩයෙන් ඊයේ මිලදී ගැනීමට සිදුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රධාන පුවත්පතකට පවසා ඇත.

මෙවැනි නීති විරෝධී ඉන්ධන පිරවුම්හල් වැටලීමට කටයුතු කරන බව රජය පැවසුවත් එය සාර්ථකව ක්‍රියාත්මක වන පාටක් පෙනෙන්නට නැතැයි ජනතාව පෙන්වා දෙති.

ලංකාදීප

Scroll to Top