හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අැතුළු කාන්තාවෝ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවෙස ඉදිරිපිටට රැස්වී ඊයේ (22) උද්ඝෝෂණයක නිරත වූහ.
යම් ප්‍රචණ්ඩකාරි ක්‍රියාවක් වුව හොත් ඊට මුහුණ දීමට කැරලි මර්දන බළකා නිලධාරීහු, පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම ජල ප්‍රහාරක රථය ද ස්ථානගත කිරීමට පොලිස් බලධාරීහු පියවර ගත්තේය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමඟ විශාල පිරිසක් පැමිණෙන බවට තොරතුරු පොලිසියට වාර්තා වී තිබිණි.
එහෙත් අවසානයේදී පැමිණි පිරිසට වඩා පොලිස් නිලධාරීන් එහි ආරක්ෂාවට සිටි බව ද එම නිලධාරියා කීය.
රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීම සඳහා අග්‍රාමාත්‍යධුරය භාර ගත් බව සහ ඔහු රටේ ප්‍රශ්න විසඳන්නේ නැති බව සඳහන් කරමින් එම ස්ථානයට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස පැමිණි බව පොලිසිය කියයි.
අග්‍රාමාත්‍යවරයා හමුවීමට අවශ්‍ය බව එහිදී සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයාගේ නිවෙස දෙසට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස අතුළු වීමට උත්සාහ දැරූ බව ද එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් සඳහන් කළහ.
ඒ වන විට අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගිවීමට එහි ගොස් සිටි බැවින් එම අවස්ථාව දීමට නොහැකි විය.
dinamina