තලවකැලේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකට දින හතක් තිස්සේ ඉන්ධන නිකුත් නොකල බවට පවසමින් ඉන්ධන පොලිම් වල රැදි සිටි පිරිස් නොසන්සුන්කාරි ලෙස හැසිරෙයි.
තලවකැලේ නගර මධ්‍යයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකට දින හතක් තිස්සේ පෙට්‍රල් හෝ ඩිසල් ඉන්ධන තොග ලැබි නොමැති බව පවසමින් එම ඉන්ධන පිරවුම්හල අසල ඉන්ධන ලබා ගැනිමේ අපෙක්ෂාවෙන් පොලිම් වල රැදි සිටි පිරිසක් (22) දින උදැසන ඉන්ධන පිරවුම්හල අසල නොසන්සුන්කාරි ලෙස හැසිරිණ.
එම ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුට ඉන්ධන ලබා නොදුන් බව පවසමින් කිසියම් පිරිසක් විසින් අපහසාත්මක ලෙස ඔහුට බැන වැදුනේ යැයි කියන සිද්ධියක් පාදක කරගෙන එම ඉන්ධන පිරවුම්හලේ අයිතිකරු විසින් ඉන්ධන පිරවුම්හලට අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් නොකරන බවයි ඉන්ධන ලබාගැනිමේ අපෙක්ෂාවෙන් පොලිම් වල රැදි සිටින රියදුරන් කියා සිටියේ.
තලවකැලේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන තොග නිකුත් කෙරුණද එම ඉන්ධන පිරවුම්හලට ලැබෙන ඉන්ධන තොග ප්‍රමාණවත් නොවන බවත්, තලවකැලේ නගරයේ ධාවනය වන පෙට්‍රල් සහ ඩිසල් වාහන වලට නගරයෙන් පිට කිසිදු ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබානොදෙන බවයි තලවකැලේ ප්‍රදේශයේ රියදුරන් කියා සිටින්නේ.
එම ඉන්ධන පිරවුම්හල අසල දින ගණනාවක් තිස්සේ තලවකැලේ හැටන් සහ තලවකැලේ පුඩළුඔය ප්‍රධාන මාර්ගයේ වාහන ගාල් කර තිබිම නිසා නගර මධ්‍යයේ දැඩි රථ වාහන තදබදයක් පවතින අතර , එම තත්ත්වය මත වාහන වල රියදුරන් සහ පොලිසිය අතර අවස්තා කිහිපයකදි උණුසුම් තත්ත්වයක් ඇති විය.
රංජිත්