වගා කටයුතු සඳහා දුම්රිය රක්ෂිත ඉඩම් තාවකාලික පදනම මත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මුලු රක්ෂිත ඉඩම් ප්‍රමාණය අක්කර දාහතර දහසක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.
එම ඉඩම් අතරින් දුම්රිය දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු සඳහා කඩිනමින් අවශ්‍ය නොවන ඉඩම් වගා කටයුතු සඳහා බදු පදනමක් යටතේ වර්ෂයක කාලයක් සඳහා ලබා දීමටයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ.
ඊට අදාල යෝජනාව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් අමාත්‍ය මණ්ඩලයට ඉඳිරිපත් කර තිබෙනවා.