ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසෙන ලෝටස් මාවත දෙසින් ඇති පිවිසුම් දොරටු දෙක අවහිර කළ 21 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් හතර දෙනකු ද සිටින බව සදහන්.
ලෝටස් වටරවුම අසල මාර්ගයේ විරෝධතාකරුවන් නිසා ඇතිව තිබෙන අවහිරතා මර්දනය පිණිස යුද හමුදා නිලධාරීන් විශාල පිරිසක් ස්ථාන ගත කර ඇති බව වාර්තාවේ.
අද දිනයේ යෙදෙන ගෝඨාභය රාජපක්ෂ උපන්දිනයටද ‘කළු සැමරුමක්‘ නම් කර ඇත.